ගිලන් රථයට වල්අලි ප්‍රහාරයක්

වැල්ලවාය රෝහලේ ගිලන් රථයට වන අලි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, වැල්ලවාය, ආලපල්ලම ප‍්‍රදේශයේදීයි. අද අලුයම 5.30 ට පමණ මෙම වනඅලි ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අසාධ්‍ය රෝගියෙකු වැල්ලවාය රෝහලේ සිට මොණරාගල රෝහල දක්වා රැගෙන යමින් සිටියදි මෙම වනඅලි ප‍්‍රහාරය එල්ල වුණා. ඉන් ගිලන් රථයේ රිය සහායකයා, හෙද නිලධාරිණිය සහ රෝගියා තුවාල ලබා තිබෙනවා.

ඔවුන් මේ වනවිට ප‍්‍රතිකාර ලබන්නේ මොණරාගල රෝහලේයි. රෝගියාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග කියාසිටියා.


EmoticonEmoticon