අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා සිය තෙදින චීන නිල සංචාරය නිමා කරමින් අද (10) අලුයම දිවයිනට පැමිණියා.
ඉන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වුණා.
එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේ දැන් චීන සමාගම් ලංකාවටත් ලංකාවේ සමාගම් චීනයටත් පිවිසීමේ කාලය එළඔ ඇති බවයි. මෙහිදී අගමැති රනිල් වික්රමසිංහ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය වීමට නම් බස්නාහිර මහා නගරය කඩිනමින් ඉදිකිරීම අත්‍යාවශ්‍ය බවයි. ඊට පෝර්ට් සිටි ව්‍යාපෘතියත් අයත් බවයි වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

EmoticonEmoticon