හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මුළු රටම එකම නැකතකට වැඩ කරන සිංහල අලුත් අවුරුද්ද තරම් සංහිඳියාවේ සහ එකමුතුකමේ වෙනත් ප‍්‍රායෝගික අවස්ථාවක් ලොව කිසි තැනකත් නොමැති බවයි.

ගහ කොළට සොබාදහමට පවා කෘතවේදීත්වය පළ කරන මේ සොඳුරු මොහොතේ රටට සාමය දිනා දුන් රණවිරුවන් විශේෂයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සමග බැඳුණු චාරිත‍්‍ර ඉටු කිරීමට අනාගත පරපුර හුරුකරවීම වැඩිහිටියන්ගේ යුතුකමක් බව මෙම නිවේදනයේ සඳහන්.




EmoticonEmoticon