අගමැති බෙයිජිං නුවරට ළඟා වෙයි


තෙදින නිල සංචාරයක් සඳහා චීනයට ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බදාදා (07) රාත්‍රී බෙයිජිං නුවරට පැමිණියේය.
චීන විදේශ අමාත්‍යංශයේ සහකාර අමාත්‍ය කොං ෂුආන් යූ සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහත්වරු බෙයිජිං නුවර කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පර්යන්තයේ දී අගමැති වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රිමසිංහ මහත්මිය පිළිගනු ලැබූහ.
ගුවන් තොටුපොළේ සිට විශේෂ රථ පෙරහරකින් අගමැති ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඔවුන් නවා තැන් ගන්නා හෝටලය වෙත කැදවාගෙන යනු ලැබීය.


EmoticonEmoticon