සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය වසා දැමෙයි

සබරමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය දින නියමයකින් තොරව වසා දමා තිබෙනවා.

නෙත් නිවුස් මෝ රිපෝටර් තිළිණ පිටවල පැවසුවේ පරිපාලන නිලධාරීන්ට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් මීට පාදක වී ඇති බවයි.

විභාග ප‍්‍රතිඵල වසරක පමණ කාලයක සිට නිකුත් කර නොමැති බවත්, ඒ පිළිබඳ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්වය හටගෙන ඇති බවත් ඔහු කියා සිටියා.

මේ අතර පීඨය වසා දැමීමට විරෝධය පළ කරමින් සිසුන් උද්ඝෝෂණයක නිරතවීමටයි මේ වන විට සූදානම් වන්නේ.


EmoticonEmoticon