ඉන්දියාව මාලිංගගේ අනුරුවක් හදයි (VIDEO)

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක ලසිත් මාලිංග වෙනුවෙන් ඉන්දියාව අනුරුවක් තනා තිබෙනවා.

ඉකුත් දා අවසන් වූ පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ලසිත් මාලිංග සහභාගි වූයේ නැහැ. කණ්ඩායම සමග ඉන්දියාව බලා පිටව ගියත් තමන් ආබාධයකට ලක්ව සිටින නිසා ක‍්‍රීඩා කිරීමට නොහැකි බව පවසා ඔහු නැවත ශ‍්‍රී ලංකාවට පැමිණියා. 

කෙසේවෙතත් ඉන්දියාව මෙවර අයි.පී.එල්. තරගාවලියේ ප‍්‍රවර්ධන වීඩියෝව සඳහා ලසිත් මාලිංගගේ අනුරුවක් එක් කර තිබෙනවා.

මෙවර අයි.පී.එල්. තරගාවලිය ලබන 9 වෙනිදා ආරම්භ වනවා. ලසිත් මාලිංග එහිදී නියෝජනය කරන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. ඔහුගේ අනුරුව සහිත ප‍්‍රවර්ධන වීඩියෝව පහතින් දැක්වෙයි.



EmoticonEmoticon